අද (07) අලුයම අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, පාතාල කල්ලි නායකයෙකු සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ නිවසක් වැටලු බවය.
එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරු විසින් පොලිස් නිලධාරීන් හට වෙඩි තැබීමක් සිදු කර තිබුණා. එහිදී පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමේන් පසු සැකකරු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ ගොනාකෝවිලේ රාජා නැමැත්තෙක්. සැකකරු වයස අවුරුදු 50ක් වන සැකකරු රත්මලාන, මොරටුව ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවෙකු බවත් ඔහු විවිධ නම්වලින් පෙනී සිටි අයෙකු බවත් හඳුනාගෙන තිබෙනවා.
2002 වර්ෂයේ පුද්ගලයෙකු (උක්කුෂාන්) වෙඩිතබා ඝාතනය කිරීම.
2006 වර්ෂයේ රත්මලාන දුම්රිය නිවාස සංකීර්ණයේදී පුද්ගලයෙකුට (ලංවියා) පහරදී ඝාතනය කිරීම.
හෙරොයින් ළගතබා ගැනීමේ වරදකට වරෙන්තු ලබා සිටීම.
අමල් සිල්වා යන නාගරික මන්ත්‍රීවරයාට වෙඩි තබා තුවාල සිදුකිරීම.
රන්ජන් සිල්වා (ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා) වෙඩි තබා ඝාතනය කිරීම.