දේශීය

යොවුන් දැල්පන්දු උපනායිකාව දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කළ මෙලනි අමා විජේසිංහ ඊයේ (20) ජීවිතයෙන් සමුගත්තාය.

17 හැවිරිදි පාසල් යන වියේ පසුවූ දක්ෂ දැල්පන්දු ක්‍රීඩිකාවක වූ ඇය දැල්පන්දු ක්‍රීඩාවෙන් විශාල ඉදිරි අනාගතයක් පෙන්නුම් කළ ක්‍රීඩිකාවකි. අවාසනාවන්ත ලෙස ඇයට ලියුකේමියා රෝග තත්වයක් මතුව තිබූ අතර එය උත්සන්නවීමෙන් ජීවිතයෙන් සමුගැනීමට ඇයට සිදුවිය.

කොළඹ විශාඛා විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවියකවූ මෙලනි පසුගියදා ජපානයේ පැවති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ උප නායිකාව ලෙස කටයුතු කළ ඇය එම තරගාවලියේ දී ආසියාවේ හොඳම පන්දු විදින්නිය ලෙසින් සම්මාන දිනාගත්තාය. බොට්ස්වාන් හි පැවති යොවුන් ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලියටද ඇය පසුගියදා සහභාගි වූවාය.

ඇගේ අහිමිවීම ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමට පිරිමැසිය නොහැකි පාඩුවකි. කිරිඳිවැල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා කිරිදිවැල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button