මහජන බැංකුවේ සභාපති දැවැන්ත මුල්‍ය වංචාවක – සිංහලේ විවාදයකට ආරාධනා කරයි
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ විසින් සිදුකර තිබේන මුල්‍ය අවභාවිතාවන් පිළිබඳව සොයා බැලිම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව කොමිසමක් පත් කළ යුතු බව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මායාන්ත දිසානායක පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ “මෙම සභාපතිවරයා වැරදිකරු වුවහොත් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය.” යනුවෙනි.
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ තමන් ප්‍රධානියා ලෙස කටයුතු කරන BDO Partners ආයතනය වෙනුවෙන් නිත්‍යානුකූල නොවන අකාරයට රුපියල් මිලියන 25ක මුදලක් ලබාගෙන ඇති බවත් ණය ලබා ගැනීම සඳහා බැංකු සභාපතිවරයාට උපකාර කල බැංකුවේ කළමනාකරුවෙකුට උසස්වීමක් ලබා දී ඇති බවද ඔහු සදහන් කර තිබුනා.
මේ අතර මහජන බැංකුවේ සභාපතිවරයාගේ විෂමචාර සම්බන්ධයෙන් ‘සිංහලේ’ සංවිධානය කල අනාවරණයන් පිළිබඳව සභාපතිවරයා තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනයි කර බවත් ඒ හේතුවෙන් චෝදනා සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන ලෙස මහජන බැංකුවේ සභාපතිවරයාට ‘සිංහලේ’ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි විවෘත ආරාධනාවක් කර තිබේ.
සුජිව රාජපක්ෂ මහතා ,
සභාපති,
මහජන බැංකු මුලස්ථානය.
2021.02.01
සභාපතිවරයාට එල්ල වු චොදනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය සංවාදයකට ආරාධනාවයි!
මහත්මයාණෙනි,
රාජ්‍ය බැංකු තුල සිදුවන විෂමචාර රැසක් පිළිබඳව අප විසින් පසුගිය කාලසීමාව තුල අනාවරණය කල බව ඔබ දැනටමත් දන්නා කරුණකි. එම සෑම කරුණක්ම අප විසින් අනාවරණය කරන්නට යෙදුනේ රටේ ජනතාවගේ යහපත සදහාමය. රටේ මුල්‍ය හදවත බඳු වු මහජන බැංකුව මෙන්ම රාජ්‍ය බැංකු රැක ගැනිම අප සතු පරම අයිතියක් බව සභාපතිවරයෙකු ලෙස ඔබතුමාද දන්නා කරුණකි.
එහිදි මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ඔබතුමා සම්බන්ධයෙන්ද කරුණු රැසක් අනාවරණය කළ අතර මේ දක්වා වගකිවයුතු සභාපතිවරයෙකු ලෙස එම චෝදනා කිසිවෙකට නිළ වශයෙන් පිළිතුරු දිමට ඔබ කටයුතු නොකිරිම කණගාටුදායකය.
අප විසින් අනාවරණය කරගනිමින් චෝදනා කළ,
a) ඔබතුමා ප්‍රධානියා වශයෙන් කටයුතු කරන BDO Partners ආයතනයට මහජන බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනිමේදි නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරිම,
b) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Mashreq Bank බැංකුව සමග සිදුවිමට තිබු ණය ගණුදෙනුවකදි අතයට ගනුදෙනුවක් සදහා තුන්වන පාර්ශ්වයක් මැදිහත් කිරිම,
යන චෝදනා ප්‍රබල චෝදනා බව අමුතුවෙන් සදහන් කලයුතු නැත. මෙම චෝදනා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා විකාශය වු අතරම පාර්ලිමේන්තුව තුලද අවස්ථා ගණනාවකදි මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක් විය. මිට අමතරව බැංකුවට සම්බන්ධ වෘත්තීය සමිතිද මේ චෝදනා සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරිමට කටයුතු කර තිබේ.
නමුත් මේ දක්වා ඉහත කිසිඳු චෝදනාවකට ලක් වු බැංකුවේ සභාපතිවරයා ලෙස ඔබතුමා පිළිතුරු නොදිමට කටයුතු කිරිම හේතුවෙන් පසුගිය කාලය පුරාම රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් ජනතාව තුල ගොඩනැගි තිබු විස්වාසය බිඳවැටීමට ලක්ව ඇති බව අවිවාදාත්මකය. නැවත එම විශ්වාසය ජනතාව තුල තහවුරු කිරිම සදහා ඒකී චෝදනාවලට මැදි වු ඔබතුමා මෙන්ම චෝදනාවන් එල්ල කල අපද ජනතාව හමුවේ ඒ වෙනුවෙන් කරුණු දක්වා අත්‍යවශ්‍යය.
එම නිසා වගකිවයුතු රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙකු ලෙස ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ඔබට එල්ල වි තිබෙන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දිමට ඔබ කටයුතු කලයුතු බව අපගේ මතයයි. ඒ සදහා චොදනා එල්ලකල අපිට ද සහභාගි විමට අවස්ථාවක් තිබිය යුතු බව දන්වා සිටිමට කැමත්තෙමු.
ස්තුතියි, තෙරුවන් සරණයි!
මේ වගට,
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
සභාපති, ‘සිංහලේ’ සංවිධානය
පිටපත්: සියලුම මාධ්‍ය ආයතන
මූත් රාජපක්ශ නේද?එහෙනං බඩුම තමයි.