දේශීය

නව පාර්ලිමේන්තුවට රවී කරුණානායකත් එයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව යටතේ පැමිණි රවී කරුණානායක අද 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගි වී තිබෙනවා.

පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම නීත්‍යනුකූල වන බවයි.

එය සමස්ත පක්‍ෂයටම ප්‍රශ්නයක් නොව අතළොස්සක් පිරිසකට පමණක් ප්‍රශ්නයක් බවද කරුණානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනඟා ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කිරීම සඳහා නිවැරදි මාවතට යොමු කිරීම තම අරමුණ බවයි ඔහු පෙන්වා දුන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button