දේශීය

ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට නම් කරයි

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර නම් කිරීමට “ද ට්‍රැවලර් වෙබ් අඩවිය” කටයුතු කර තිබෙනවා. එම වෙබ් අඩවියට අනුව ඔවුන් පවසන්නේ ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරේ තිබෙන සුවිශේෂී සංස්කෘතික නර්තනයන් සහ විශේෂාංග ලොව අන් කවර තැනකදීවත් දැක බලා ගැනීමට නොහැකි බවයි.

අගෝස්තු මාසයේදී සංචාරය කිරීමට බලාපොරොත්තුවන සංචාරකයෙක් නම් ඔවුන් ශ්‍රී ලංකාවේ මහනුවර නගරයට පැමිණ ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර නැරඹීම වඩාත් යෝග්‍ය බවයි එම වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.

සුදු පැහැ වස්ත්‍රයෙන් සැරසුණු බැතිමතුන්ගෙන් පිරුණු මහනුවර නගරය ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර වෙනුවෙන් පිරි යන බවත් පෙරහැර විචිත්‍රවත් කිරීමට අලි ඇතුන් සහ උඩරට නර්තනයන් ගෙන් සපිරුණු අයුරු දැකීම මනස්කාන්ත දර්ශනයක් බවයි එම වෙඩි අඩවිය මගින් සංචාරකයින් දැනුවත් කර ඇත.

ගිනි බෝල කරකවන දර්ශනය සහ කසකරුවන්ගේ දර්ශනය පෙරහැරට ගෙන දෙන අමතර අලංකාරයක් බවත් එම දර්ශනය ඇතුලත් ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරින් එකක් බව අවිවාදයෙන් යුතුව පිළිගැනීමට සිදුවන බවයි “ද ට්‍රැවලර් වෙබ් අඩවිය” සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button