දේශීය

ආසියාවේ සුන්දරම නගර අතර ගාල්ලත්

ඇමරිකාවේ CNN මාධ්‍යජාලය විසින් නම් කරන ලද ආසියාවේ සුන්දරම නගර දහතුන අතරට ගාලු නගරයත් ඇතුලත්ව තිබේ. ජපානය, වියට්නාමය, මැලේසියාව, පිලිපීනය, ලාඕසය, කාම්බෝජියාව, ඉන්දුනීසියාව, චීනය, ඉන්දියාව, නේපාලය, හොං කොං, තායිලන්තය යන රටවල් එම ලැයිස්තුවේ ඇති අනිකුත් රටවල්ය.

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති ගාලු නගරය එහි ඓතිහාසික වැදගත් නගරයක් වන අතර යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම්කර ඇති ගාලු කොටුව දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් ස්ථානයකි, එය 1588 ලන්දේසීන් විසින් ඉදිකරනු ලැබ ඇති අතර පසුව ප්ෘතුගීසීන් විසින් නවීකරණය කර ඇත.

සුන්දර මුහුදු වෙරළ තීරය, රූමස්සල කන්ද, ඇතුලු සංචාරක වශයෙන් වැදගත් ස්ථාන බොහෝමයක්ද ගාලු නගරයේ පිහිටා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button