දේශීය

රට පුරා රතු කැකුළු, සුදු කැකුළු, නාඩු හිඟයක්

රටපුරා සුදු කැකුළු, රතු කැකුළු හා නාඩු සහල්වල හිඟයක් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම තත්ත්වය මත එම සහල් වර්ගවල මිල රුපියල් සියය ඉක්මවා ඇති අතර සුදු කැකුළු සහල්වල මිල රුපියල් එකසිය දහයකටත් වඩා වැඩි බව වාර්තා වනවා.

මේ දිනවල වෙළෙඳපොළට වැඩි වශයෙන් කීරි සම්බා සහල් සහ සම්බා සහල් පමණක් නිකුත් වන නිසා මෙසේ අනෙක් සහල්වල මිල ඉහළ යාමට හේතුවී තිබෙනවා.

ප්‍රධාන පොළේ සහල් මෝල්වලින් කරන ලද විමසුමක දී එහි ප්‍රකාශකයන් පැවසුවේ තමන් ළඟ මේ වන විට පවතින්නේ කීරි සම්බා වී පමණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button