දේශීය

නඩු සහන පෝළිමේ අද වාසනාවන්තයා – බදූර්දීන්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රිෂාර්ඩ් බදුර්දීන් අද ඇප මත නිදහස් කළා.

සතියක් තුළ නෙලෙස උසාවියෙන් සහන හිමිවූ ප්‍රසිද්ධ හා ප්‍රභූ පුද්ගලයින් කිහිප දෙනෙක්ම වේ. එසේම; පසුගිය දින කිහිපයේ වැදගත් තීන්දු කිහියක්පිම පිළිබඳ ජනතා අවධානය යොමු විය.

නොවැ 19 උදෑසන : රු. මිලියන 600ක රජයේ මුදලින් මැතිවරණ අල්ලස් ලෙස භාණ්ඩ බෙදූ අනූෂ පැල්පිට, ලලිත් වීරතුංග සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීම

නොවැ 19 සවස : කෝටි 100ක බදු වංචාවක් නිසා සීල් තැබූ අමාත්‍ය ජොන්ස්ටන්ගේ මත්පැන් ෆැක්ටරියට අදාල බලපත්‍රය කිසිදු අයකරගැනීමකින් තොරව නැවත ලබා දීම.

නොවැ 20 උදේ : ඇමති ජනක බණ්ඩාරට එරෙහි නඩු දෙක චෝදනාපත්‍ර බලශූන්‍ය කිරීම

නොවැ 20 සවස : රජයට කෝටි විස්සක වංචාවක් සිදුකල “ලක්පොහොර” සභාපති ඇප මත නිදහස් කිරීම

නොවැ 21: නීතිවිරෝධී අවි ගනුදෙනු සහ මුහුදු ආරක්ෂක සේවාව නීතිවිරෝධි ලෙස ලබාගෙන රජයට පාඩු සිදුකල, විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වීම හරහා අසාධාරණ ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇවන්ගාඩ් සමාගමට බඩඉරිඟු වගාව සඳහා ඉඩම් අක්කර 5000ක් ලබාදීම

නොවැ 23 : රු මිලියන 2991 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම

නොවැ 24 උදෑසන : දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් ලෙස පත් කිරීම

නොවැ 24 දවල් : පිල්ලෙයාන් නිදහස් කිරීම

නොවැ 24 දහවල් : අතිගරු ජනාධිපතිතුමාට එරෙහි ලලිත් – කූගන් නඩුවේ සිතාසිය අභියාචනාධිකරණය විසින් බලරහිත කිරීම

කෙසේ නමුත් රිෂාර්ඩ් බදූර්දීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ මන්ත්‍රීවරු 20 වෙනි සංශෝධනයට හා අයවැයට පක්ෂව ඡන්දය දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button