දේශීය

ජනාධිපති සිරිසේනගේ විදෙස් ගමන් ගැන තොරතුරු හංගලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර පිළිබඳ තොරතුරු කිසිවක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා ධුරයට පත්වූ දිනයේ සිට (2015-01-08) මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර මොනවද යන්න පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ පුරවැසියෙකු සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය මේ බව දන්වා ඇත.

ජනාධිපතිවරයා සහභාගි වූ විදෙස් සංචාර සහ එම සංචාරවලට සහභාගි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීම සිදුකර ඇති අතර, එම තොරතුරු නොමැති බව පවසමින් ජනාධිපති කාර්යාලය තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

තොරතුරු ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ නම් කළ නිලධාරියා වන ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්නට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, එයද ප්‍රතික්‍ෂේප කරමින් එම තොරතුරු ජනාධිපති කාර්යාලයේ නොමැති බවද සඳහන් කර ඇත.

මේ හේතුවෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button