දේශීය

ඇඳිරි නීතිය ඉවත් කරන්න ඉක්මන් වුනා වැඩිද? – අනිල් ජාසිංහ පිළිතුරු දෙයි

රට විවෘත කිරීමට ඉක්මන් වුණා වැඩි යැයි ජනතාව සහ ඇතැම් විශේෂඥයන් ප්‍රකාශ කරන බවත්, දැන් කළ යුත්තේ මෙම තීරණය සමඟ හිඳිමින් ඊට මුහුණ දීම බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියයි.

අනිල් ජාසිංහ මේ බව ප්‍රකාශ කළේ ‘හිරු’ ටෙලිවිශනයේ පත්තර සිරස්තල වැඩසටහන හා එක්වෙමිනි.

ඇඳිරිනීතිය ලිහිල් කළ පසු ක්‍රමවේදය ගැන සොයා බැලීමට මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව ද ඔහු කීවේය.

“ඇඳිරිනීතිය ලිහිල් කරන කාරණය අපට රෝගීන් හමුවීම සම්පූර්ණයෙන් අවසන් වෙලාම කරන්න පුලුවන් කාරණයක් නෙමෙයි. එක්තරා අවස්ථාවක සිද්ධි වෙනවා කොවිඩ් 19 රෝගීන් සිටියදීම ජන ජීවිතය ඇඳිරිනීතිය ලිහිල් කිරීමට. මං හිතන්නේ රජය ඒ තීරණය තමයි අරං තියෙන්නේ.

අලුත් තත්ත්වයට මුහුණ දීම අභියෝගයක්. ඒ අභියෝගයට අප මුහුණ දිය යුතුයි.”

මෙම තීරණය ගැනීමට ඉක්මන් වුණා වැඩි බවට සමාජයෙන් එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් එම වැඩසටහනේදී ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජාසිංහ මෙසේ පැවසුවේය.

“ඔය මතය මටත් ඇවිත් තියනවා. මාධ්‍ය මගිනුත් පෙන්නුම් කළා. ජනතාව ඒක අවංකවම ප්‍රකාශ කරනවා වෙන්න ඕනා. විශේෂයෙන් විද්වතුන් අවංකවම ප්‍රකාශ කරනවා.

රටක් හැටියට මේ රට විවෘත කරන අවස්ථාවක් තීරණය කරන්න ඕනෑ. මේක මොන අවස්ථාවද කියන එක සාපේක්ෂ වශයෙන් කලින් ගත්තා කියලා කෙනකුට කියන්නත් පුලුවන්, තව ප්‍රමාද වුණා නම් කියලත් කෙනකුට කියන්න පුලුවන්. දැන් අපට තියෙන්නේ මේ ගනිපු තීරණය තුළ ඉඳගෙන ඊට මුහුණ දෙමින් කටයුතු කිරීම.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button