දේශීය

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) පෙ.ව. 10.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී පළමු කාර්ය වන්නේ කතානායකවරයා තෝරා පත් කරගැනීමයි.

ඉන් පසුව කතානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදු කරනු ඇත.

පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සදහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමි වේ.

මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අභිනව පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට නියමිත අතර ජයමංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී මෙවර නොපැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළේ.

ඒ අනුව පෙරවරු 11.00 පමණ වන විට සියලු ආරාධිතයින් අසුන් ගන්නා අතර පෙරවරු 11.10ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී කතානායකවරයා පිළිගනියි.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදුවන අතර පෙරවරු 11.20ට කතානායකවරයා හා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙල අසල දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button