දේශීය

ලාංකිකයින් පර්යේෂණාගාර මීයන් කරන ඉන්දියාවේ බාල එන්නතකට ඇමති අනුමැතිය දීලා

තවමත් පර්යේෂණ අදියර-2 මට්ටමේ පවතින ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරමින් තිබෙන කොවිඩ් – 19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් කැඳවූ රැස්වීමකදී අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස කටයුතු කරන ඉන්දියානු ජාතික නිලධාරිනිය ඒ සඳහා බලපෑම් කරන බවද වාර්තා වේ.

ඇයගේ මැදිහත්වීම මත කොවිඩ් පරීක්ෂණ කට්ටල ලබාදීම මඟින් මෙම බලකිරීමට අවශ්‍ය ඉඩ ලබාගෙන තිබෙන බව එම රැස්වීමට සහභාගී වූ නම සඳහන් කිරීමට අකමැති වෛද්‍යවරයෙකු සඳහන් කරයි. ඔහුට අනුව මේ මඟින් ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දියානු සමාගමේ පර්යේෂණාගාර මීයන් හෙවත් ගිනිපිග්ස් ලා බවට පත් වේ. කිසිඳු පර්යේෂණ දත්ත ප්‍රකාශයට පත් කිරීමකින් තොරව එසේ මහජනයාගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීම බරපතල ආචාරධර්ම විරෝධී ක්‍රියාවක් බවද ඔහු කියයි.

ලෝකයේ මේ දක්වා සාර්ථකව අත්හදාබලා ඇති කෝවිඩ් එන්නත ලෙස පිළිගෙන ඇති රුසියානු එන්නත ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා රුසියානු තානාපතිවරයා සාකච්ඡා කොට තිබියදී සහ රැසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් එසේ රුසියානු එන්නත ශ්‍රී ලංකාවට ලබාදිය හැකි බව දන්වා තිබියදී ඉන්දියාව හරහා එන්නතක් ලබා ගැනීමේ උවමනාව පැහැදිළි නැති බව මේ පිළිබඳව තොරතුරු දන්නා ජාත්‍යන්තර මට්ටමේ විද්වත්හු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button