දේශීය

සීසන් එකෙන් නිවාඩු දවසෙත් දැන් යන්න පුළුවන්

පාසැල් සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිකුත් කරනු ලබන බස් ගමන් වාර ප්‍රවේශ පත්‍ර මගින් සෙනසුරාදා, ඉරිදා සහ අනෙකුත් සියලු නිවාඩු දිනයන්හී ද බධාවකින් තොරව ගමන් කිරීමට අවසර ලබා දෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා ගමනාගමන මණ්ඩල සභාපතිතුමාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ නිවාඩු දිනවලදී සිදු කරනු ලබන ගමන් වාර වලදී සිසුන් දැඩි අපහසුතාවයන්ට පත් වන බවට ලැබී ඇති පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින්.

එම අපහසුතාවයන් හට පිලියම් යොදමින් සිසුන් විසින් මාසය සඳහා ලබා ගන්නා වාර ප්‍රවේශ පත්‍ර මඟින් අදාල මාසයේ සෑම දිනකම ශ්‍රී ලංගම බස් රථවල ගමන් කිරීමට හැකි වන පරිදි අවශ්‍ය කටයුතු වහාම සිදු කරන ලෙසයි අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ගමනාගමන මණ්ඩල සභාපතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button