දේශීය

ලිස්ට් එකෙනුත් නෑ, ඡන්දෙන් එන්නෙත් නෑ – තවත් අයෙක් සජිත් හැර යයි

ඉදිරි මහමැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් හෝ ඡන්දයෙන් හෝ ඉදිරිපත් වීමට තමන් අපේක්ෂා නොකරන බව පසුගියදා සමගි ජන බලවේගයට සහය ලබා දීමට පැමිණි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය අද(11) නිවේදනය කළා.

ඔහු මීට පෙර එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වී සිටි අයෙක් වන අතර පසුව සජිත් ප්‍රේමදාස ට සහය පල කළා.

අද දිනයේ ඔහු නිකුත් කළ නිවේදනය පහතින්.

මාධ්‍ය නිවේදනය –

මෙවර 2024 මහා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය / මොරටුව ආසනයෙන් හෝ ජාතික ලයිස්තුවෙන් මම ඉදිරිපත් නොවන බව දැනුම් දෙමි. පසුගිය ජනාධිපතිවරණයේ මා සහාය දුන් හිටපු ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සමගි ජන සන්ධායටත්, අභිනව අතිගරු ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයටත් ශක්තිමත් ආණ්ඩුවක් තුලින් රට අභිමුකයේ ඇති අභියෝගයන් කළමනාකරණය කර ගැනීමට ශක්තිය, ධර්යිය ප්‍රාර්ථනා කරමි!

ඉදිරියේදී මා කළින් ආකාරයට ම සියලු පුරවැසියන් සහ සමාජ සාධාරණත්වය උදෙසා ජනරජයේ අධිකරණ ආයතනය තුළ හැකි උපරීම සේවයක් ඉටු කරන අතර එය ව්‍යවස්ථාදායක හෝ විධායක ආයතන තුලද මා තුලින් ඉටුවන්නේද යන තීරණය ඔබ සහ ඉතිහාසට භාර කරමි. මේ අතරතුර මාතෘ භූමියේ ඒකීයභාවය, ස්වරීත්වය සහා උන්නතිය උදෙසා උත්තුංග කැපකිරීම් කිරීමට බලාපොරොත්තුවන අතර ඒ වෙනුවෙන් ගන්නා ඕනෑම ප්‍රගතිශීලී පියවරකට සම්බන්ධ වී කටයුතු කිරීමට, ඕනෑම අසී/රු අවස්ථාවක පෙරට විත් ඔබ සියලු දෙනා සමග ජන පවුරක් ලෙස සක්‍රීය වීමට හෝ එයට නායකත්වය දීමට මැලි නොවෙමි.

මේ මොහොත දක්වා මා විශ්වාස කරමින් ,මා සමග රැඳී සිටි ඔබ සියලු දෙනාට කෘතවේදී ව තෙරුවන් සරණ,දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතරම ගල්, මුල් හා නොයෙකුත් ප්‍රහාරයන් තුලින් මා තවත් ශක්තිමත් කළ ඔබට ද මාගේ ස්තුතිය පිරිනමමි 🙏

මා සදා ඔබගේ සේවයට ලැදි ක්‍රිශ්මාල් වර්ණසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button