දේශීය

අත්‍යාවශ්‍ය සේවා කියලා ගැසට් කරලා සතියයි – වර්ජන

දුම්රිය වර්ජනයට හේතුව වී ඇත්තේ රාජකාරී වෙලාවේදී බිමතින් හැසිරුණ දුම්රිය සේවකයකුට විනය ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව එල්ල වූ බලපෑමක් බව වෘත්තීය සමිති පවසයි.

අදාළ දුම්රිය සේවකයාට දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් විනය ක්‍රියා මාර්ග ගත්තද එය වළක්වාලමින් ප්‍රවාහන අමාත්‍යංශයේ ඉහල නිලධාරියෙකු ඊට බලපෑම් එල්ල කිරීම වර්ජනයට හේතු වී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රවාහන අමාත්‍යංශය වෙත කැඳවා ඇති බවද පැවසේ. මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට මාධ්‍ය වාර්තා පළවුවද මේ වන විටත් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බව දුම්රිය දෙපාර්තමෙන්තුවේ ප්‍රකාශකයකු පැවසිය.

ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ කෙරුණ දුම්රිය වර්ජනය හේතුවෙන් අද (04) උදෑසන සිට කාර්යාල දුම්රිය සේවා කිසිවක් ධාවනය නොවුණු අතර ඒ මගින් පාසල් ළමුන්ට, කාර්යාල සේවකයින් විශාල අපහසුතාවයකට පත් වුණි.

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් පසුගිය 27වනදා අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර සතියක් ගතවීමට පෙර දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වීමද විශේෂත්වයකි.

එම අති විශේෂ ගැසට් නිවේදනයේ දුම්රිය ධාවනය, දුම්රිය මාර්ග නඩත්තු, නිසි ආරක්ෂාව සැපයීමට අදාළ සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර මුද්‍රණ කටයුතු ඇතුලු දෙපාර්තමේන්තුවෙන් සිදුවිය යුතු සියලුම කාර්යයන් හා සේවාවන් සඳහා ශ්‍රමය සැපයිය යුතු බවට සඳහන්ව තිබුණි.


දිල්හාන් විමල්ක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button