විදේශීය
ඕස්ට්‍රේලියාවේ නිවසක් ගන්න වසර 11ක් මුදල් ඉතිරි කරන්න වෙයි
ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ කුලී නිවාස සහ උකස් ආතතිය තවදුරටත් ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයක දි යළි තහවුරු වී තිබෙනවා.
ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ 2025 පෙබරවාරි වන තෙක් පොලී අනුපාතිකය පහත වැටීමක් අපේක්ෂා නොකරන බවයි.
CoreLogic වාර්තා අනුව වාර්ෂික ආදායම ඩොලර් 101,000 පමණ වන නිවසක එම ආදායමෙන් 33%ක් අනිවාර්යයෙන්ම නිවසේ කුලිය සදහා වැය කිරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.
තමන්ගේම නිවසක් මිලදී ගැනීම සදහා අවම වශයෙන් එම නිවාස වටිනාකමින් 20%ක තැන්පතුවක් හෝ පැවතිය යුතු බවයි සඳහන් වන්නේ.
සියයට 20%ක තැන්පතුවක් සදහා අවම වශයෙන් වසර 11කට ආසන්න කාලයක් මුදක් ඉතිරි කරගත යුතු බව අනාවරණය වී තිබෙනවා.
දැරිය හැකි නිවාස මිලත් අඩු ආදායම්ලාභීන්ට දැරිය නොහැකි මට්ටමට ළඟාවීම හේතුවෙන් නිවාස ප්‍රශ්නට ජාතික මට්ටමේ ගැටලුවක් ලෙස තවදුරටත් ව්‍යාප්තව ඇති බව සදහන්.