විදේශීය

“මට යන්න දෙන්න මගේ පෙම්වතිය මා එන තෙක් බලා සිටිනවා…” ඛෂෝගි ඝාතනයේ හඬපටය නිකුත් වේ….

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය කරන අවස්ථාවේදී පටිගත වූ හඩ පටයක් තුර්කියේ ඩේලි සභා පුවත් පත විසින් හෙළිදරව් කර ඇත.

පසුගිය වසරේ තුර්කියේ ඉස්තාම්බුල් හී සෞදි කොන්සාල් කාර්යාලයේදී පිරිසක් විසින් ඔහුව ඝාතනය කළ බවත් එහිදී පටිගත කළ හඩ පටය මෙසේ එළිදරව් කරන බවත් මෙම පුවත් පත පවසයි.

මෙම හඩ පට තුර්කියේ ජාතික බුද්ධි අංශ විසින් ලබා ගෙන ඇති අතර ඉන් පසුව මහජනයා වෙත අනාවරණය කරන ලෙස පුවත්පත වෙත නිකුත් කර ඇත. සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි සහ ඔහුව ඝාතනය සදහා කටයුතු කළ පුද්ගලයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අතර සිදු වූ සංවාදයක් මෙම හඩ පටයේ සටහන් වේ. හඩ පටයට අනුව ඔහුව ඝාතනය වී ඇත්තේ 2018 වසරේ ඔක්තොම්බර් මස 2 දිනයි.

ජමාල් ඛෂෝගි යනු ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ වොෂිංටන් පෝස්ට් පුවත් පතේ සේවය කළ සෞදි ජාතික මාධ්‍යවේදියෙකි. ඔහු විසින් සිය විවාහය සදහා අවශ්‍ය ලියකියවිලි ලබා ගැනීමට තුර්කියේ සෞදි කොන්සාල් කාර්යාලය වෙත ගිය අවස්ථාවේදී ඔහුව ඝාතනය කර ඇති අතර ඔහුගේ මළසිරුර සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බව අනාවරණය විය.

ඩේලි සභා පුවත් පත ආවරණය වන පරිදි ඔහු කොන්සාල් කාර්යාලය වෙත ඇතුළු වන අවස්ථාවේදී ඔහුට සුපුරුදු පුද්ගලයන් පිරිසක් විසින් ඔහුව පිළිගෙන ඇති අතර ඉන්පසු ආවරණය වූ කාමරයක ඔහුව සිර කර ඇත.

කරුණාකරලා වාඩි වෙන්න…. අපිට ඔබව රියාද් නගරයට නැවත ගෙන යන්න සිදුවෙනවා…. හඬපටයට අනුව එසේ පවසන්නේ සෞදි රජකුමරු මොහමෙඩ් බින් සල්මාන්ගේ ආරක්ෂක කිළධාරී සෞදි බුද්ධි අංශ ජ්‍යේෂ්ඨයෙකු වන මහේර් අබ්දුල් අසීස් මුට්රබ් විසිනි.
“ඔබව නැවත ගෙන යෑමට ඉන්ටපෝල් විසින් විධානය කර තිබෙනවා ඔබව නැවත ගෙන යෑමට අවශ්‍යයි.…” ඔහු පැවසූ විට

ඛෂෝගි පවසන්නේ මට විරුද්ධව කිසිම නීතිමය චෝදනාවක් හෝ නඩුවක් නැහැ මගේ පෙම්වතිය මා එන තෙක් කාර්යාලයෙන් එළියේ මග බලා සිටිනවා…. යනුවෙනි.

ඔහුව ඝාතනය කිරීමට විනාඩි 10කට පෙර සෞදිකුමරුගේ ආරක්ෂක නිළධාරියා විසින් ඛෂෝගිගේ පුතු වෙත පවසා ඇත්තේ, ඔහුට යම් පණිවිඩයක් ඇත්නම් ඇත්නම් පවසන ලෙසයි….

ඛෂෝගි විසින් එම එල්ලීම ප්‍රතික්ෂේප කරයි…. එවිට ආරක්ෂක නිළධාරියා පවසන්නේ “ඉක්මන් කරන්න අපට උදවු කරන්න එවිට අපිට ඔබට උදවු කළ හැකියි…. මොකද අවසානයේ අපි ඔබව සෞදි අරාබිය වෙත රැගෙන යන්න අවශ්‍යයි…. අපට උදවු කරන්න ඔබ දන්නවා අවසානයේ සිදු වන්නේ කුමක්ද කියා….

ඉන්පසු ඔවුන් විසින් ඛෂොගි වෙත යම් නිර්වින්දන ඖධයක් ලබාදේ.… එවිට ඔහු පවසන්නේ…. “මම හුස්ම ගැනීමේ අපහසු රෝගයකින් පීඩා විදිනවා.… මෙය කරන්න එපා.. ඔබ මගේ හුස්ම හිර කරන්නටයි සූදානම් වෙන්නේ….”

59 හැවිරිදි ජමාල් ඛෂෝගි ගේ ඝාතන ක්‍රියාවලිය මිනිත්තු 30ක් පමණ ඇතුලත සිදුව ඇති බව එම හඩ පටයෙන් වටහා ගත හැක….

ඔහුගේ සිරුරට සිදුවූයේ කුමක්දැයි යන්න මේ වන තුරුත් සොයා ගත නොහැකිව ඇත.
තුර්කිය පවසන්නේ ඛෂෝගි ඝාතනය සෞදි අරාබිය විසින් සිදු කළ පූර්වමර්ෂිත මනුෂ්‍ය ඝාතනයක් “premeditated murder” බවයි….

මෙසේ ඛෂොගිව මරා දැමූ පසුත් සෞදි අරාබියේ නිළධාරීන් පවසන්නේ ආරක්ෂක නිළධාරීන් සමග කථා කළ පසු ඔහු කොන්සල් කාර්යාලයෙන් පිත්ව ගිය බවයි.

මේ වන විට ඛෂෝගි ඝාතනය සම්බන්ධව සෞදි නිළධාරීන් 11 දෙනෙකුට චෝදනා ලබා සිටින අතර ඔවුන්ගේ නම් අප්‍රකාශිතය. ඒ අතරින් පස් දෙනෙකු සදහා මරණ දඩුවම නියම කර ඇත.
සී අයි ඒ ආයතනය පවසන්නේ ඝාතනය සදහා සෞදි රජ කුමරු විසින් නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන්නට ඇතැයි යන චෝදනාව සෞදි රජය විසින් ප්‍රතික්ෂේප කරන බවයි.

පසුගිය ඉරිදා සෞදියේ රියාද් හී පැවති නඩු විමසීමේදී ඩේලි සභා පුවත්පත විසින් අනාවරණය කළ හඩ පටයේ අවසන් වතාවට ඛෂෝගි කොන්සාල් කාර්යාලයට පැමිණෙන්නට පෙර සෞදි රජකුමරුගේ ආරක්ෂක නිළධාරියා “එය බෑගයකට දමන්නට පුළුවන් වෙයිද ?” යනුවෙනි. ඒ ඛෂොගිගේ මලසිරුරයි.
එවිට ඔහුට පිළිතුරු ලැබෙන්නේ “නැහැ හරිම බරයි…. ඒවගේම උසයි” යනුවෙනි….

එමෙන්ම ඔහු මෙසේද පවසයි. “ඇත්තෙන්ම මම නිතර මළසිරුරු සමග වැඩ කරන කෙනෙක්…. මම දන්නවා හරියටම කපන්න ඕනි කොහාමද කියලා…. නමුත් මම කවදාවක් උණුසුම් මළසිරුරක් කැපීම සිදු කර නැහැ…. නමුත් මම මේක හොදින් සිදු කරන්නම්…. ඇත්තෙන්ම මම මල සිරුරු කපන විට ගීත වලට සවන්දෙනවා…. ඒ අතර තුර කෝපි බොමින් දුම්පානය කරනවා…. කොටස් වෙන් කළ පසු ඒවා ප්ලාස්ටික් බෑග් වල දාන්න ඕනී ඊට පස්සේ සූට්කේස් වලට දමා ගොඩ නැගිල්ලෙන් පිටට ගෙනියන්න….” ඛෂෝගිගේ මළ සිරුර කොටස් වලට වෙන් කළ පුද්ගලයාගේ හඩ එසේ හඩ පටයේ ඇතුලත් වෙයි….

ඛෂොගි ඝාතනය පිළිබදව මේ සියල්ල සිදුව තිබියදී කිසිවක් නොකළ ගාණට අත පිහදා ගැනීමට සෞදි රාජ්‍යයේ සල්මාන් කුමරුට නොහැකි වනු ඇත. ඒ නමුත් වොෂින්ටන් පුවත් පත පවසන්නේ ඔහු විසින් ඛෂෝගිගේ පුතුන් සිවු දෙනාට ඔවුන්ගේ පියා වෙනුවට ඩොලර් මිලියන ගණනක් වටිනා නිවසක් හා මාසික දීමනාවක් ලබා දෙමින් සිටින බවයි….

අල්ජසීරා පුවත් සේවය විසින් පල කරන ලද වාර්ථාවේ පරිවර්ථනය


හංසනී සම්පත්

outboundtoday.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button