විදේශීය
35 දෙනෙකුට දිවි අහිමි කළ චීනයේ මෝටර් රථ අනතුර
චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන්, 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .
මෙම අනතුරින් 43 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මියගිය සහ තුවාල ලැබූ පිරිසේ වැඩිහිටි, තරුණ මෙන්ම ළමුන්ද සිටින බවයි සඳහන් වන්නේ.
62 හැවිරිදි රියැදුරු අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, දික්කසාදයෙන් පසු දේපොළ බේරුම්කරණයේදී සිදු වූ ගැටළුවක් සම්බන්ධයෙන් ඔහු මානසික පීඩනයකින් පෙළී ඇති බවයි.
සැකකරු මේ වනවිට කෝමා තත්ත්වයෙන් රෝහගතව ප්‍රතිකාර ගනිමින් සිටින බැවින්, පොලිසියට අනතුර පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.