විදේශීය
බයිඩන්ගේ දිවුරුම් දීමට සහභාගී නොවන බව ට්‍රම්ප් කියයි

තමා, ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ, සාමකාමී ලෙස බලය මාරුවීමක් ලබා දෙන බවට පොරොන්දු වී පැය කිහිපයකට පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
ට්‍රම්ප්, ජනවාරි 19 වන දින වොෂිංටනයෙන් පිටවීම පිළිබඳව ධවල මන්දිරයේදී සාකච්ඡා පවත්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඔහු ෆ්ලොරීඩා වෙත යාමට අපේක්ෂා කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
“මම ජනවාරි 20 වනදා සමාරම්භක උත්සවයට නොයන්නෙමි,” ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක ලියා තිබේ.
To all of those who have asked, I will not be going to the Inauguration on January 20th.
— Donald J. Trump (@realDonaldTrump) January 8, 2021