විදේශීය

ජනපති ආර්යාව මුහුණු ආවරණ මසන්නට පටන් ගනියි….

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට සහාය වීම සඳහා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ බිරිඳ වන සවීතා කෝවින්ද් මුහුණු ආවරණ මැසීම ආරම්භ කර ඇත.

මෙම මුහුණු ආවරණ සියල්ල ඉන්දියාවේ, නවදිල්ලි නුවර අඩු ආදායම්ලාභී, කුඩා නිවාසවල ජීවත් වන ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.

පසුගිය මාර්තු මාසයේ මුල් සතියේදී එරට ජනාධිපතිවරයා ද සිය මාසයක වැටුප වෛරසය ව්‍යාප්තිය මර්දනය සඳහා පිහිටුවා ඇති අරමුදලට පරිත්‍යාග කරන ලදි.

මේ වන විට ඉන්දියාවේ, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button