දේශීය

දුම්රියේ ගැටී තිදෙනෙකුට දිවි අහිමි වූ කටුකුරුන්දේ සිදුවීම

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියක ගැටී තිදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 03ක පමණ පිරිමි දරුවෙකු, දරුවාගේ පියා සහ තවත් අයෙක්.

දෙදෙනෙකු එම ස්ථානයේම මිය ගොස් ඇති අතර දරුවා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් ගැටී ඇත්තේ බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියකයි.

අද(12) පස්වරු 06.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button