දේශීය

හිටපු ඇමති ටීබී ඒකනායකට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 65 ක්

හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ රෝගාබාධයක් සදහා ප්‍රතිකාර කිරීම සදහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 6.5 ක මුදලක් ලබා දී තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතු විශේෂ නියෝගයකිනි.

ජනතාවගේ සෞඛ්‍ය වෙනත් ඉතාම අත්‍යාවශ්‍ය අවශ්‍යතා සදහා අවශ්‍ය වන මුදල් සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවලදී පහසුකම් සැපයීම සදහා පිහිටවා ඇති ජනාධිපති අරමුදල ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පාලනය වන රජයේ අරමුදලකි.

සාමාන්‍ය පුද්ගලයකු විසින් එවැනි ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත යොමු කළ විට සිදු කරනු ලබන දීර්ඝ පර්යේෂණයකින් පසු රුපියල් 50,000 සිට ඉතාම කතාතුරකින් රුපියල් ලක්ෂ 10 දක්වා ආධාර ලබා දීම සාමාන්‍ය භාවිතයයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයට තරග කර පරාජට පත් වූ ටී.බී. ඒකනායක මහතාට ජනාධිපතිවරයා විසින් එම අරමුදලෙන් ප්‍රදානය කරන රුපියල් ලක්ෂ 65 ක මුදලට අදාල චෙක්පත අද (18) නිකුත් කිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button