දේශීය

ඇමති රෝහිත අල්ලස් නඩුවෙන් නිදහස්

අල්ලස් කොමිෂන් සභාව විසින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව ගොනු කර ඇති නඩුවේ චෝදනාවලින් ඔහු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ අද නියෝග කර කෙළිය.

අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා පත්‍රය ඉදිරියට ගෙන යාමට අදහස් නොකරන බව අල්ලස් කොමිෂන් සභාව සිකුරාදා අධිකරණයට දන්වා සිටියේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින්, 2014 – 2016 අතර කාලය තුළ රුපියල් මිලියන 41.2 ක මුදල් හා දේපළ නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය රෝහිත අබේගුනවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණයට නඩුවක් ගොනු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button