PCR ප්‍රතිඵල ප්‍රමාදයි – තීන්දු ගැනීමට බාධාවක් – GMOA
දිවයින පුරා විවිධ ස්ථානවලින් එක්රැස් කර ගනු ලැබූ PCR සාම්පලවලට අදාල පරීක්ෂණ වාර්තා විශාල ලෙස ප්‍රමාද වීමෙන් අරබුද රැසක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සමස්ථ රටම ආවරණය වන පරිදි PCR පරීක්ෂණ සඳහා සමාජ නියැදි ලබාගැනීම සිදුකළ යුතු බව ද PCR පරීක්ෂණ ධාරිතාව වැඩිකර ඒ සඳහා ඇති විකල්පයන් ද හඳුනාගැනීමට අවශ්‍ය බව ද එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “දැනටත් PCR යම් ප්‍රමාණයක් ගොඩගැහිලා තියෙනවා. ඇතැම් ප්‍රදේශවලින් අපිට කතා කරලා කියනවා PCR පරීක්ෂණවල ප්‍රතිඵල දින 4ක 5ක ප්‍රමාදයක් තියෙනවා කියලා. PCR පරීක්ෂණවල ප්‍රතිඵල පැය 24ක් තුළ ලබාදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍රතිචාර හරියට දක්වන්න නම් ප්‍රතිඵල ඉක්මනට එන්න ඕනේ. පැය 48ක් ඇතුළත ලැබෙන PCR ප්‍රතිඵල ප්‍රමාදවී ලැබෙන ප්‍රතිඵලයක් ලෙස සැළකීමට සිදුවෙනවා. පැය 48ටත් වඩා ප්‍රමාද වී ලැබෙන PCR ප්‍රතිඵල නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි PCR ප්‍රතිඵලයක් ලෙස සැළකීමට සිදුවෙනවා,” යනුවෙනි.
අද වන විට ශ්‍රී ලංකාවේ සිදු කර ඇති මුළු PCR පරීක්ෂණ ගණන 555,000ක් පමණ වන අතර, එය සැලකෙන්නේ පුද්ගලයින් මිලියනයක් සදහා සාමාන්‍ය අගයක් ලෙස 25,000 ක අනුපාතයක් ලෙසයි. මෙම අනුපාතය සැලකීමේ දී ශ්‍රී ලංකාව ස්ථානගතව ඇත්තේ ලොව රටවල් අතර 151 වන ස්ථානයේ ය. ලෝකයේ බොහෝරටවල් මේ වන විට පුද්ගලයින් මිලියනයක් අතුරින් සෑම ලක්ෂ දෙකකටම වැඩි ගණනකට PCR පරීක්ෂණ සිදු කරන තත්ත්වය දක්වා පැමිණ ඇති බව දක්නට ලැබේ. නිදසුන් ලෙස මේ වන විට ප්‍රංශය හා අමරිකා එක්සත් ජනපදය PCR පරීක්ෂණ කෝටි15 සීමාව පවා ඉක්මවා ගොස් ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, කෝවිඩ් ආසාධිතයින් හදුනාගැනීමේ එකම මාර්ගය PCR පරීක්ෂණ වන අතර එම පරීක්ෂණ වැඩි වැඩියෙන් කිරීම මත රට තුළ ඇති සත්‍ය කෝවිඩ් අවදානම හදුනාගත හැකි වනු ඇත. PCR පරීක්ෂණ සිදු නොකරන්නේ නම් හෝ එම පරීක්ෂණ අඩු ප්‍රමාණයක් සිදු කිරීමෙන් සංඛ්‍යාත්මකව ‘කොරෝනා රෝගීන්ගේ‘ අඩුවක් දක්නට ලැබුණත්, එය රටේ සැබෑ තත්ත්වය නොවන බව ද ඔවුන් පවසති.