දේශීය

ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට එකවර විනිසුරන් හයක් අද

විසි වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත මගින් ස්ථාපිත පාර්ලිමේන්තු සභාව අද (4) පලමු වරට කතානායක නිල නිවසේ රැස්වනවා.

මෙහිදී, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූ නව සංශෝධනයට අනුව මෙතෙක් 11 ක්ව පැවති ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ දැමුණා. ඒ අනුව, අද රැස්වන පාර්ලිමේන්තු සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සදහා එලෙස අලුතින් පත්වි කරන නිසුරුවරුන් හය (6) දෙනාගේ නාම ලේඛනය නිරීක්ෂණය කිරීමට නියමිතය.

බොහෝ විට අභියාචණාධිකරණ විනිසුරුවරුන් වන:

  • කේ.කේ. වික්‍රමසිංහ
  • ඒ.එල්.එස්. ගුණරත්න
  • ජනක් ද සිල්වා
  • සෝභිත රාජකරුණානායක
  • දේවිකා අබේරත්න

යන අභියාචණාධිකරණ විනිසුරුවරුන් අතරින් තුන් (හෝ හතර) දෙනෙකු ද

  • දප්පුල ද ලිවේරා
  • සන්ජේ රාජරත්නම්
  • දිලීප පීරිස්
  • යුවන්ජන විජේතිලක

යන අයගෙන් දෙදෙනෙකු ද මේ සදහා පත් කිරීමට ඉඩ ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එසේම, අභියාචණාධිකරණය හෝ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය නොකළ වෘත්තීය නීතීඥවරයකු ද මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වීමේ හැකියාවක් ඇතැයි එම වාර්තාවල සදහන්.

කෙසේ නමුත්, මෙහිදී පාර්ලිමේන්තු සභාවට මෙම නම් ප්‍රතික්ෂේප කිරීමේ හෝ ඒ නම් වෙනස් කරන ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කිරීමේ බලයක් නොමැත. ඔවුන් වෙත පැවරී ඇත්තේ හුදු නාම ලේඛණය නිරීක්ෂණය කිරීමේ බලයක් පමණයි.

කතානායකවරයා සභාපතිත්වය දරන පාර්ලිමේන්තු සභාවේ සෙසු සාමාජිකයන් වන්නෙ, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, අගමැතිවරයා විසින් පත් කරන නියොජිතයකු සහ විපක්ෂ නායකවරයා විසින් නම් කරන නියෝජිතයකුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button