දේශපාලන

බැසිල් රාජපක්ෂ ස්වයං නිරෝධායනයේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවත් මේ වනවිට නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ ගැවසුන සහ බැසිල් රාජපක්ෂ සමඟ පවා ඇසුරු කළ බොහෝ දෙනෙක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්ව ඇත.

පසුගියදා වරකාපොළ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයාට කොරෝනා බවට තහවුරු වීමෙන් පසු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම මන්ත්‍රීවරයා සමග සමීපව දේශපාලන කටයුතුවලදී නිරත වීම හේතුවෙන් බැසිල් රාජපක්ෂ ස්වයං නිරෝධායනයට ලක්ව තබේ.

බැසිල් රාජපක්ෂ පුවත් වෙබ් අඩවියක් වෙත පවසා තිබෙන්නේ තමා පවුලේ සාමාජිකයන්ගෙන්ද වෙන්ව ස්වයං නිරෝධායනය සඳහා යොමුව සිටින බවයි.

මෙම තත්වය මත මේ වන විට නම් සඳහන් නොකරන දේශපාලකයන් විශාල පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්ව තිබේ.
ලොව පුරා මෙලෙස ආපදා තත්වයක් ප්‍රකාශයට පත්ව තිබියදීත් එය කිසිදු ගණන් ගැනීමකට නොගෙන ලංකාව කටයුතු කිරීම පිලිබඳ විදේශ වල සිටින ශ්‍රී ලාංකිකයන් අදහස් පළකර තිබේ. ඔවුන් පවසන්නේ ගුවන්තොටුපලින් රටට ඇතුළුවන පුද්ගලයන් පිලිබඳ කිසිදු සොයා බැලීමක් සිදුනොකොට ඇති බවයි. එසේම ලොව පුරා කොරෝනා ව්‍යසනය පැතිර යමින් තිබියදී අවසාන මොහොත දක්වාම මැතිවරණය කට ගොස් බලය ලබා ගැනීමේ උත්සාහයක නිරතවීම නිර්ලජ්ජිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button