දේශීය

මහින්දානන්දට කෝප් කමිටුවේ සභාපතිකම නොලැබුණු හේතුව මෙන්න

පොදු ව්‍යාපාර කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පත් කළ යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් ඉදිරිපත්වී තිබුනද සමාජ මාධ්‍ය සහ වෙනත් පාර්ශ්‍යවයන්ගෙන් එල්ලවු දැඩි විරෝධය හමුවේ එම අදහස අතහැර දැමීමට ඔවුන්ට සිදුව තිබුණා.

ඊයේ (07) කාරක සභාව රැස්වු අවස්ථාවට කමිටු සාමාජිකයන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජන්ත යන අමාත්‍යවරුන් සහ හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, අශෝක් අබේසංහ, ඩී.වී චානක යන පිරිස සහභාගී වී සිටියා.

මහින්දානන්ද අලුත්ගමගේ කෝප් සභාපති කිරීම සදහා සැලසුම් කල පිරිස අතර සිටි ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශණ, විජේදාස රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරු ඊයේ දින සභාවාරය සදහා සහභාගී වී තිබුණේ නැහැ.

මහින්දානන්ද අමාත්‍යවරයා,

2014 වර්ෂයේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී කැරම් බෝඩ් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 39ක වංචාවක් සිදුවී ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව චෝදනා එල්ල වී ඇත. 2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සඳහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගන්නා ලද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඇපමත නිදහස්ව සිටී.

මීට අමතරව කුරුදුවත්ත ප්‍රදේශයෙන් ලක්ෂ 270ක් පමණ වටිනා නිවසක් මිලට ගෙන ඇති බවට මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනු කොට මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට පත්ව පසුව ඇපමත නිදහස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button