දේශපාලනදේශීය

කතාව බුදුන් වගේ, ක්‍රියාව දේවදත්ත වගේ – අජිත්, සජිත් ගැටෙයි (video)

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මාධ්‍ය හමුවක් කැඳවා සජිත් ප්‍රේමදාසට චෝදනා කරමින් එම පක්ෂයෙන් ඉවත් වුණා.

එසේම ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව ද ඔහු
එහිදී සඳහන් කළා.

ඊට හේතුව ලෙස ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීමයි.

ඒ සම්බන්ධයෙන් විමසීමට තමා නායක සජිත් ප්‍රේමදාසට දුරකතනයෙන් ඇමතුව ද ඊට ඔහු ප්‍රතිචාර නොදක්වන බවද මන්නපෙරුම හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

මෙවැනි ක්‍රියා සිදුකරන්නේ බියගුළු නායකයන් බවත් සජිත් ප්‍රේමදාස යනු කතාව බුදුහාමුදුරුවන් වගේ වී ක්‍රියාව දේවදත්ත වැනි පුද්ගලයෙක් බවත් ඔහු එහිදී සඳහන් කළ අතර එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button