විපක්ෂය ජනාධිපති කාර්‍යාලය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවක්
ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන ලද “නිහඩ විරෝධතාවය” අද(07) ජනාධිපති කාර්‍යාලය ඉදිරිපිට දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
ආණ්ඩුව, මර්ධනය සහ රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කරමින් සිටින බවත් එහි ප්‍රතිඵලයක් ලෙඩ මහර බන්ධනාගාරයේ රැදවියන් කිහිප දෙනෙක්ම ඝාතනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී අදහස් දක්වමින් කීවේය. අද වනවිටත් ඒ මියගිය අය පිළිබඳව ආණ්ඩුව හෙළිදරව් අපහෛාසත්ව ඇතැයි අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මේ කිසිවක් නොදන්නා ඔවුන්ගේ ඥාතීන් බරපතල වේදනාවක් අත් විදින බවත් කීය.
මානව හිහිමිකම් මෙන්ම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බව කී ඒ විපක්ෂ නායකවරයා මේ මර්ධනයට එරෙහිව විපක්ෂය ලෙසත් සමගි ජනබලවේගය ලෙසත් සටන් කරන බව පැවසීය. පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් හා යුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආණ්ඩුවක් කිසිදු බරපතලකමක් නොමැතිව, පුරවැසියන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් උල්ලංඝනය කිරීම ද මෙහිදී විපක්ෂ නායකවරයාගේ දැඩි දෝශදර්ශනයට ලක් විය.
කෝවිඩ් මර්ධන සෞඛ්‍ය රෙගුලාසි හා සීමාවන්ට අනුකූලව සංවිධාන කර තිබූ මෙම විරෝධතාව සදහා සමගි ජනබලවේගය නියෝජනය කරන මහජන නියෝජනය ඊට එක්ව සිටියහ.