දේශීය

‘රතුපස්වල වෙඩි තැබීමට අණ දුන්’ බ්‍රිගේඩියර්ට උසස් වීමක්

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී පිරිසිඳු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුණු රතුපස්වල ජනතාවට වෙඩි තැබීමට අණ දුන් යුධ හමුදා බ්‍රිගේඩියර්වරයාව මේජර් ජෙනරාල් පදවියට උසස් කර ඇත.

ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනයට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මෙසේ මේජර් ජෙනරාල් ධුරයට උසස් කර ඇත.

රතු පස්වල වතුර ඉල්ලූ පිරිසට වෙඩි තැබීම සම්බන්ධයෙන් යුධ හමුදාව වගකිව යුතු බවට සදහන් කරමින් මානව හිමිකම් කොමිසම විසින් වාර්තාවක් ද නිකුත් කර තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් යුධ හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව නඩු විභාගයක් පැවත්වෙමින් පවතියි.

ඔහුට අමතරව තවත් නිලධාරින් 244 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් උසස්වීම් ලබා දී ඇති බවටයි යුධ හමුදාව පවසන්නේ.

ඒ අනුව බ්‍රිගේඩියර්වරු 17ක් මේජර් ජනරාල් ධුරයටත්, ලුතිනන් කර්නල්වරු 45ක් කර්නල් ධුරයටත්, මේජර්වරු 49ක් ලුතිනන් කර්නල් ධුරයටත්, කැප්ටන්වරු 42ක් මේජර් ධුරයටත්, ලුතිනන්වරු 80ක් කැප්ටන් ධුරයටත්, දෙවන ලුතින්නවරු 11ක් ලුතිනන් ධුරයටත් උසස් කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් විශාල පිරිසකට එකවර උසස්වීම් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය බවත් යුධ හමුදාව පවසයි.


ceylonnews.lk ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button