මෙරට සිටින ප්‍රමුඛතම ප්‍රභූවරයකුගේ ප්‍රධාන ආරක්ෂකයා කොරෝනා ආසාධිතයෙක් ලෙස හදුනා ගැනීමෙන් පසු නිරෝධායනයට ලක්කර තිබෙනවා. කෙසේ නමුත් ජනයුගයට වාර්තා වුණේ; මලබේ ප්‍රදේශයේ නිවසක නිරෝධායනය වන ලෙස ඔහුට උපදෙස් දී තිබියදී ඒ බව නොසලකා ඔහුගේ මිතුරකුගේ පවුලේ විවාහ මංගල්ලයකට ද ඔහු සහභාගි වී ඇතු බවයි.
මේ බව ඔහුගේ සේවය ලබා ගන්නා ප්රභූවරයා දැන ගැනීමෙන් පසු, ඔහු ආ ගිය ඉහළම පෙළේ කාර්යාල දෙකක හා නිවාස දෙකක සියලුම දෙනා පීසීආර් පරීක්ෂණයට ලක්කර තිබෙනවා.
ඔහුගේ සේවය ලබන ප්රභූවරයා මේ වන විට පූර්ණ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටින නිසා, ආරක්ෂකයාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් එම පවුලේ ප්‍රභූ පුතුන් දෙදෙනෙකුගේ දැඩි දෝෂදර්ශනයට ද මෙම නිළධාරියා ලක්ව තිබෙනවා.
අදාල නිළධාරීයාගේ මිත්‍රයකු කොරෝනා ආසාධිතයකු ලෙස හදුනාගැනීමට පෙර මොවුන් එක්ව මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, පසුව මිතුරා කෝවිඩ් ආසාධිතයකු වූ පසු ඒ බව සගවා මෙම නිළධාරියා මෙම ඉහළම පෙළේ පුද්ගලයින්ගේ ඇසුරට ගොස් තිබෙනවා.