දේශීය

දේශපාලන පළිගැනීම් කොමිසම රැස්වුණත් – පාස්කු කොමිසම රැස් නොවේ

ජනාධිපති ගෝඨාභය රාපක්ෂ විසින් පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබද කොමිසම අද (9) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ දී රැස්වුණා.

ඒ පසුගිය සතිය පුරා බස්නාහිර පළාත තුළ පණවා තිබූ ඇදිරිනීතිය හේතුවෙන් සතියක් පුරා එම කොමිසම වසා තැබීමෙන් පසුවයි.

කෙසේ නමුත්, එම ගොඩනැගිල්ලේම පැවැත්වෙන පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරයට අදාල ජනාධිපති කොමිසම සුපුරුදු පරිදි කටයුතු ආරම්භ නොකිරීම විශේෂත්වයක්. ජනාධිපති කොමිසමේ කටයුතු කොරෝනා අවධානම හේතුවෙන් පවත්වාගෙන යා නොහැකි බව පවසමින් හදිසියේම නතර කරනු ලැබූයේ බස්නාහිර පළාතට ඇදිරිනීතිය දැමීමට පවා දින හතරකට පෙරයි.

එකම ස්වභාවයේ හා එකම තත්ත්වයේ ජනාධිපති කොමිෂන් සභා දෙකක් අතුරින් එකක් වන දේශපාලන පළිගැනීම් කොමිසම මෙලෙස ක්‍රියාත්මක වීමත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම දින නියමයක් නොමැතිව කල් දමා තිබීමත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ද ප්‍රශ්න කිරීමට ලක්ව තිබුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button