දේශීය
ආණ්ඩුවේ පත්තරේ කියන්නේ බොරු. චීන ජනාධිපති, ගෝඨාභය සමග කතා කරලා නෑ – චීන තානාපති
චීන ජනාධිපතිවරයා හා ශ්‍රීලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කළ බවට රජයට අයත් Daily News පුවත්පත පළකර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව චීන තානාපති කාර්‍යාලය පවසයි.
එම කාර්‍යාලයේ නිල ට්විටර් ගිණුම මගින් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පවසයි.
අද ඩේලි නිව්ස් පුවත්පතේ දෙවන පිටුවේ වාර්තා කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ හා ජින්පින් ජනාධිපතිවරු ඊයේ මෙලෙස සාකච්ඡා කළ බවයි. මහින්ද අලුත්ගෙදර විසින් මෙම පුවත් ලියා ඇත.
සාමාන්‍යයෙන් අසත්‍ය පුවත් පළකිරීම, ජනතාව නොමග යැවීම යටතේ ක්‍රියාමාර්ග ගත හැකි හා එලෙස කර ඇති වරදකි.