ටිකිරිට ලැබුණු දළදා සමිඳු පිහිටේ තරම….!
මේ ඉන්නෙ ටිකිරි…. අවුරුදු 70ක් වයස රෝගී කෙනරක්. ඇය මේ දවස්වල නුවර පෙරහැර උත්සවයේ පෙරැහැරේ යන අලි 60 දෙනාගෙන් කෙනෙක්.
අධික ඝෝෂාව, ගිනිකෙළි සහ දුමාරය මධ්‍යයේ ටිකිරි සෑම රාත්‍රියකම පෙරහැරට එකතු වෙනවා. ඇය සෑම රාත්‍රියකම කිලෝමීටර් ගණනාවක් ඇවිදිනවා. ඇයට පොරවා ඇති ඇඳුම නිසා ඇගේ අස්ථි මතුපිටට බේරුණු ශරීරය හෝ ඇගේ දුර්වල තත්වය කිසිවෙකු දකින්නේ නැහැ.
ඇගේ මුහුණ අලංකාර දීප්තිමත් විදුලි පහන් ආවරණය වී ඇති නිසා තුවාල වූ ඇගේ ඇස්වල කඳුළු කිසිවෙකු දකින්නේ නැහැ. ඇය ඇවිදින විට ඇගේ කකුල්වල කෙටි විලංගු ඇති බැවින් ඇයට පියවර තැබීමට අපහසු බව කිසිවෙකු දකින්නේ නැහැ. සියලු දෙනා දකින්නේ පිටට පේන සුන්දරත්වය පමණි.
සංස්කෘතිය, විශ්වාසයන් හෝ වෙන මොකක් හෝ නිසා වෙනත් කෙනෙකුට බාධාවක්, හානියක් හෝ හිංසාවක් සිදුවෙනවා නම් ඒ මගුලේ සංස්කෘතියෙන් හෝ විශ්වාසයන්ගෙන් ඇති පලක් නැත. අප විසින් වෙනත් ජීවිත දුක් විඳීමට සලස්වන්නේ නම් මෙය ආශීර්වාදයක් හෝ ශුද්ධ දෙයක් ලෙස හෝ මහා සංස්කෘතික මංගල්‍යක් ලෙස හැඳින්විය හැක්කේ කෙසේද?
විවිධාකාරයේ පව් වර්ග නිර්මාණය කර තමන්ගේ බත සරිකරගන්නා පව් නිර්මාණකරුවන් හෙවත් ආගමික පක්ෂයෙන් අසන්නට ඇත්තේ මේ කුමන වර්ගයේ පාපකර්මයක්ද කියා පමණි….
මහලු ලෙඩ කය දළ රෙද්දෙන් වසා
නැතක් කඩතොළු වැදි බණකින් වසා
රටක ඉරණම පෙරහැරකින් වසා
පෙරහැරේ යමු අපි හෙළුව දෑතින් වසා
කවිය – සම්පත් එදිරිසිංහ