දේශීය

අවුරුදු 200ක් නොකළ වැඩක් ගෝඨාභය රේගුවට කරයි

ශී‍්‍ර ලංකා රේගු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිපි‍්‍රය පත් කිරීමට හේතු වූයේ ඒ සඳහා සුදුසුකම් ඇති නිලධාරීන් නොමැති වීම නිසා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප‍්‍රකාශයට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් විසින් බලවත් විරෝධය පළ කර තිබේ.

ඔවුන් අවධාරණය කර ඇත්තේ ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා අවශ්‍ය සුදුසුකම් සපිරූ නිලධාරීන් 300කට අධික පිරිසක් මේ වන විට රට පුරා සිටින බවය පරිපාලන නිලධාරීන්ගේ සංගමය මේ බව ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරට ද ලිඛිතව දන්වා ඇත.

ජනාධිපතිවරයාගේ මෙම පත් කිරීමට රේගුවේ ප‍්‍රධාන වෘත්තීය සමිති සියල්ල දැඩි විරෝධය පළ කළ අතර, භාණ්ඩාගාර ලේකම්වරයාට සහ අගමැතිවරයාට ද එය දැනුම් දී තිබිණි. එහි දී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පොරොන්දු වී ඇත්තේ, හමුදා නිලධාරියකු මේ සඳහා පත් කිරීමේ තීරණය වෙනස් කරන බවයි. වසර දෙසීයකට වඩා පැරැණි ශී‍්‍ර ලංකා රේගු ඉතිහාසයේ පරිපාලන සේවයෙන් පිට අයකු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කරන ලද්දේ පළමු වතාවට ය. අවස්ථා දෙකක දී පමණක් රේගුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉහළින්ම සිටි නිලධාරියා මේ තනතුරට පත් කර තිබේ.


ශාලික විමලසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button