දේශීය

තවම සිදුව ඇත්තේ ‘කොරෝනා මරණ’ 5 යි. සෙසු ඒවා නිදන්ගත ‍රෝග නිසා – හමුදාපති

දැනට වාර්තා කර ඇති කොරෝනා මරණ 48 අතරින් සෘජුවම Covid-19 වෛරසය හේතුවෙන් මියගොස් ඇත්තේ 5 දෙනෙකු පමණක් බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව, මෙම මරණ අනුපාතය රෝගීන් 10,000කට තුන් දෙනෙකු වැනි ඉතාම පහළ අගයකි.

සෙසු මරණ සිදුව ඇත්තේ වෙනත් නිධන්ගත රෝගී තත්වයන් උත්සන්න වීම හේතුවෙන් බවයි අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු නොවන හමුදාපතිවරයා එලෙස සදහන් කළ ද කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා කියා සිටියේ, මේ වන විට කොළඹ මහනගර සීමාවේ පමණක් රෝගීන් 30,000 කට වඩා සිටින බව ගණන් බලා ඇති බවයි. කෙසේ නමුත් සෞඛ්‍ය අංශයේ මෙම සංඛ්‍යාලේඛන රජය විසින් මෙතෙක් පිළිගෙන නැත.

ඉදිරි දින 4 බස්නාහිර පළාතෙන් පිටවීමෙන් වැළකී සිටින ලෙසත් සෙසු ප්‍රදේශවල ජනතාවද හැකිතාක් සංචරණය සීමා කරන ලෙසත් යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කළා.

මේ වන විට මරණ 48 ක් රජය විසින් නිවේදනය කර ඇති අතර ඉන් 16 ක් ම සිදුව ඇත්තේ රෝහල්වලින් පිටත් වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button