විදේශීය
ප්‍රංශ ජනාධිපති මැක්රෝන්ට කොරෝනා
ප්‍රංශ ජනාධිපති ඉමානුවල් මැක්රෝන් හට කෝවිඩ් 19 වැලදී ඇතැයි එලිසි මන්දිරය තහනුරු කරනවා.
ඒ අනුව, ජනාධිපතිවරයා මෙන්ම ආර්යාව ද ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා. එලිසි මන්දිරය පවසන්නේ ඔවුන් දෙදෙනා දින හතක් මෙලෙස නිරෝධායනය වනු ඇති බවයි.
මේ අතර ජනාධිපතිවරයා කෝවිඩ් ආසාධිතයකු වීම නිසා අගමැති ජීන් කැස්ටෙක්ස් ද කෝවිඩ් පරීක්ෂණට ලක්ව ඇති අතර ඔහු ආසාධිතයකු නොවන බව වාර්කා වනවා.
ඉමානුවෙල් මැක්රෝන් සැලකෙන්නේ කෝවිඩ් රෝගය වැළදුණු ලොව ලාබාලතම රාජ්‍ය නායකයා ලෙසයි.
මැක්රෝන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ට්විටර් සටහනක් තබමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසනවා.
Sorry to hear my friend @EmmanuelMacron has tested positive for coronavirus. We are all wishing you a speedy recovery.
— Boris Johnson (@BorisJohnson) December 17, 2020