මසක් තුළ පොලිස් ස්ථානාධිපතිලා තුනක් මිය යයි
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාපති පොලිස් පරික්ෂක නිලත්න හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන්, ගාලු මුවදොර පිටියේදී ශාරීරික ව්‍යායාම සිදු කරමින් සිටි අවස්ථාවේදී හදිසියේ ඇද වැටී ඇති අතර එහිදී කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇත.
ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ද ඔහු ජිවිතක්ෂයට පත් ව ඇති අතර මිය යන විය ඔහුගේ වයස අවුරුදු 43 හැවිදිරි අයෙකි.
මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිතයි.
දින කිහිපයක් තුළ මෙලෙස මියගිය තුන්වෙනි පොලිස් නිළධාරුයා ඔහු වන අතර මීට පෙර බියගම හා සීගිරිය පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු ද මෙලෙස මිය ගියා.
බියගම පොලිස් ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් අමරසේකර මහතා හදිසියේ මියගොස් ඇති බව වාර්තා වුණේ ඔක්තෝබර් 29 වැනිදාය. අවුරුදු 52ක් වන අමරසේකර මීගමුව ඒත්තුකාල ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකි.හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුව ඇති බවට මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.
එසේම ඔක්තෝබර් 31 වැනිදා ඊළග මරණය වාර්තා විය. මෙසේ මිය ගොස් ඇත්තේ සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්. උපාලි කරුණාතිලකය. 58 හැවිරිදි ඔහු තිදරු පියෙක් වනවා.