දළදා මාලිගාව ශ්‍රී ලාංකිකයින්ට තහනම් කලාපයක් වේ
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සඳහා සංචාරය කළ හැක්කේ ස්ථාන 12කට පමණක් බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ ස්ථාන 12 අතර දළදා මාලිගාව ද තිබීම විශේෂත්වයකි.
එසේම සීගිරිය, දඹුල්ල විහාරය, පින්නවල, උඩවලව වනෝද්‍යානය, උඩවලව ඇත් අතුරු සෙවණ, යාල වනෝද්‍යානය, මින්නේරිය, සළුසල, ඇතුළු ස්ථාන ඇතුළත් වන බව සඳහන් වේ.
එම ස්ථාන වෙත විදෙස් සංචාරකයන් පැමිණෙන විට දේශීය සංචාරකයන් වෙත එම අවස්ථාවේ පැමිණෙන්නට අවසරයක් නැති අතර ඉන් පසුව එම ස්ථාන විෂබීජහරණයෙන් පසුව නැවත දේශීය සංචාරකයන් සඳහා විවෘත කරන බව සඳහන් වේ.
පැමිණෙන සංචාරකයන් සඳහා අදාළ සංචාරය ආරම්භ කළ හැක්කේ පැමිණි පසුව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර දින තුනකිනි. යම් අයකුට එහිදී කොවිඩ් වැළඳී ඇත්නම් ඔවුන් කොතලාවල ආරක්ෂක පීඨයේ රෝහලට ඇතුළත් කරන අතර ආශ්‍රිතයන් එම රෝහලේම නිරෝධායනය කිරීම සිදු කරනු ඇත.
ඒ සියලු වියදම් කොවිඩ් රක්ෂණාවරණයෙන් රජයට ලබාගන්නා බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
කෙසේ නමුත් මේ වන විට යුක්රේන ජාතිකයින් 17 දෙනෙකු කෝවිඩ් ආසාධිතයින් ලෙස හදුනාගෙන ඇත.