දේශීය

“මේ රට බහු ආගමික, බහු ජාතික රටක්” – අස්ගිරි මහ නා හිමි

මේ රට බහු ජාතික හා බහු ආගමික රටක් බැවින් සියලු ජාතීන් හා ආගමිකයන් එකමුතුව ඉදිරි ගමන යාම ඉතා වැදගත් බවත් ජාති හා ආගම් භේද නොමැතිව රටේ සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත් වීමට නව වසරේ සිතට ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමි පැවසීය.

නව වසර වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් මහා නායක හිමි මේ බව ප්‍රකාශ කර සිටියහ. මේ රට බහු ජාතික බහු ආගමික රටක් බව සියලු ජාතීන් තේරුම් ගත යුතු බව ද මහා නායක හිමි අවධාරණය කර සිටී.

ජනපතිවරණය ඉතා සාමකාමීව පැවැත්වුණු ආකාරයෙන් නව වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉතා සාමකාමී අයුරින් පවත්වා ගැනීමට සියලු ජනතාව උනන්දු විය යුතු බවත් යම් සිදුවීම් මුල්කර ගනිමින් අවුල් වියවුල් ඇති වූවොත් එය රටේ පරිහානියට හේතු වනු ඇති බවත් මහා නාහිමි ප්‍රකාශ කර සිටිති.

සියලු ජනතාව මේ රට අපේ කියන හැඟීම ඇතිව කටයුතු කරන්නේනම් සැමට සතුටින් එකට වාසය කළ හැකි වාතාවරණයක් ගොඩනැගෙන බවත් නව වසර සියලු ජනතාවගේ පැතුම් ඉටුවන සෞභාග්‍යමත් වාසනාවන්ත එකක් වේවායි ප්‍රාර්ථනා කරන බවත් එහිමි පැවැසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button