දේශීය

ගෝඨාගේ අතේ රෝල් ගහන්න බෑ – කැපිටල් FM ප්‍රවෘත්ති කර්තෘ ඉවත් කරයි !

කැපිටල් එෆ් එම් ගුවන් විදුලි ආයතනයේ දෙමළ භාෂා අංශයේ ප්‍රවෘත්ති කර්තෘ කේ.එම්. රසූල් එම ආයතනයෙන් නීතිවිරෝධී ලෙස ඉවත් කර ඇත.

ආයතනයේ කළමනාකාරිත්වය මගින් මුලාශ්‍ර නොමැතිව පළ කළ යුතු බවට නියෝග කරන පුවත් විකාශය කිරීමට විරෝධය පළ කිරීම හේතුවෙන් ඔහුට පහරදීමට පවා උත්සාහ දරා, මෙසේ ඉවත් කර තිබේ. ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් සහ අනෙකුත් ජනාධිපති ධුර අපේක්ෂකයන්ට අපහාස වන ආකාරයෙන් මෙම අසත්‍ය පුවත් පළ කරන ලෙස ට්‍රයි මාස් මීඩියා ආයතනයේ ප්‍රධානී වී. සතාසිවම් ප්‍රවෘත්ති කර්තෘවරයාට බලපෑම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් රසූල් විසින් පොලිසියට මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවටද පැමිණිලි කර තිබේ.

මහින්ද රාජපක්ෂ පාර්ශ්වය නියෝජනය කරන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අංගජන් රාමනාදන් සහ ඔහුගේ බිරිඳගේ පියා විසින් මේ ආයතනය පවත්වාගෙන යයි.


දිමුතු හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button