දේශීය
අවුරුදු 10 ඉක්මවූ නඩු 16,985 ක් උසාවිවල වාත වෙයි
නඩු පවරා අවුරුදු 10 ක් ඉක්මවා ගොස් ඇතත් මෙතෙක් විසදා අවසන් නොවුණු නඩු 16,985 ක් මෙරට දිසා අධිකරණවල ගොඩ ගැසී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.
මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පාර්ලිමේන්තුවේදි මේ බව කියා සිටියා.
මේ අතර එම නඩුවලින් 4,620 ක්ම පණවා ඇත්තේ අවුරුදු විස්සකටත් එහා කාලයේදී බව දා අමාත්‍යවරයා පවසයි. දැනට දිසා අධිකරණවල විභාගවන සමස්ත නඩු ගණන 231,506 කි.