දේශීය
ෆේස්බුක් සටහනක් නිසා මාධ්‍යවේදීයෙක් අත්තඩංගුවට
![](http://i0.wp.com/janayugaya.lk/wp-content/uploads/2020/12/8D1C1F7C-5FD8-42FF-A5E1-7CFAC716B08A.jpeg?fit=650%2C400&ssl=1)
දෙමළ වෙබ් මාධ්‍යවේදියකු වන මුරුගපිල්ලෙයි ගොකුලදාසන් අත්තඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබෙනවා.
ගෝකුලදාසන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින තුනක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ
මඩකලපුව, වලච්චේනයේ පදිංචි තිස් හත් (37) හැවිරිදි මාධ්‍යවේදී ගොකුලදාසන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ නොවැම්බර් 29 වන දාය.
තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ මහවිරු දිනය වෙනුවෙන් පළ කළ සුබ පැතුමක් හේතුවෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන්.
ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය හා ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව විරෝධය පළ කර තිබේ.
මහවිරු දිනය හා මළවුම් සිහි කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් සිදු කළ හා ෆේස්බුක් සටහන් දැමූ විශාල පිරිසක් මේ වන විට පොලීසිය අත්තඩංගුවට ගෙන ඇතැයි, මන්ත්‍රී ශාක්‍යා රාසමානික්කම් ද පාර්ලිමේන්තුවේ දී අණාවරණ කළා.