රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අසාර්ථකයි. හොදම දේ PCR – බ්‍රිතාන්‍යය
කෝවිඩ් ආසාධිතයින් හදුනාගැනීමේ දී, Rapid Test Kit හෙවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල අසමත්ව තිබෙන බව, එක්සත් රාජධානිය පවසනවා.
කෙසේ නමුත් මේ වන විට ලංකාව තුළ, ක්ෂණික ප්‍රතිදේහ කට්ටල සම්බන්ධයෙන් විශාල ප්‍රසාදයක් නිර්මාණය කරමින් සිටින අතර, ඊට මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් සිය උපරිම බර යොදමින් සිටියි.
බ්‍රිතාන්‍යයේ ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවියට අනුව සංචරන සීමා ලිහිල් කිරීමත් සමග විශ්ව විද්‍යාල සිසුන් නිවෙස් බලා යාමට පටන් ගැනීමට සහ, වැඩිහිටි නිවාසවල තම ඟාතීන් බැලීමට හැකි වන පරිදි වේගවත් පරීක්ෂණ භාවිතා කිරීමට ද, සංචාර වලදී සමාජ දුරස්ථභාවය අවම කිරීමට ද එක්සත් රාජධානිය පුරා සැලසුම් ක්‍රියාත්මක විය. කෙසේ වෙතත්, නිශ්චිත ලෙස රෝගීන් හදුනාගැනීමටක්ෂණික ප්‍රතිදේහ කට්ටල අසමත් වීම නිසා රෝග ලක්ෂණ රහිත කෝවිඩ් වාහකයන් විසින් එම වෛරසය වැඩිහිටි නිවාසවලට හෝ තම නිවෙස් වලට ගෙන ඒමේ අවදානම වැඩි කර ඇත.
විශේෂඤයින් විසින් උපාංගවල යෝග්‍යතාවය සහ ආරක්ෂාව පිළිබඳව ද මේ වන විට ප්‍රශ්න කර ඇත.
සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුව (DHSC) විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ ලිවර්පූල්හි සිදුකල පරීක්ෂණවලින් අනාවරණයවූයේ, PCR පරීක්ෂණවලින් හදුනාගත් දස දෙනෙකුගෙන්, රෝගීන්ගෙන් 05ක් පමණක් මෙම Rapid Test Kit හදුනාගත් බවයි. සෙසු පස් දෙනාම හදුනාගැනීමට ක්ෂණික ප්‍රතිදේහ කට්ටල අසමත්ව තිබේ.
මීට පෙර සිදුකල රසායනාගාර යෝග්යතාවලදී, Rapid Test Kit ක්ෂණික ප්‍රතිදේහ කට්ටල මගින් පුද්ගලයෙකු තුළ ඉහළ මට්ටමේ වෛරසයක් ඇති විට, ආසාදනවලින් සියයට 5 ක් පමණක් හදුනා ගැනීමට අපොහොසත් වන බවට යෝජනා කර තිබුණි. පර්යේෂකයන් අතින් සිදුවන අත්වැරදීම් වලට (Human Error) එතරම් ඉඩක් නොමැති පාලිත පරිසරයක රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම මෙම විෂමතාවයට හේතුව විය හැකි බව එම වාර්තා වල සදහන්.
රසායනාගාර අවශ්‍ය PCR පරීක්ෂණ ලෝකය. ඉහළම ප්‍රමිතිය හෙවත් Gold Standard පරීක්ෂණ ලෙස සලකනු ලබන අතර, කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් හට එය සිදුකරනු ලැබේ.
බ්‍රිතාන්‍ය දත්ත වලට අනුවක්ෂණික ප්‍රතිදේහ කට්ටලවලට වඩා සෑම අතින්ම PCR පරීක්ෂණ සාර්ථක බවට පෙන්වා දී ඇත.
(independent)