දේශීය

‘බුර්ක තහනම’ හුදෙක් යෝජනාවක් පමණයි: විදේශ අමාත්‍යාංශය

බුර්කාව සහ නිකාබ් පැළඳීම තහනම් කිරීම පිළිබඳ වාර්තාවලට විදේශ අමාත්‍යංශය අද ප්‍රතිචාර දැක්වූ අතර එය හුදෙක් යෝජනාවක් පමණක් බවත් එය තවමත් සාකච්ඡා වෙමින් පවතින බවත් පැවසීය.

විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලොම්බගේ පවසා ඇත්තේ එවැනි තහනමක් පැනවීමට රජය තීරණයක් ගෙන නොමැති බවත් එය හුදෙක් යෝජනාවක් බවත් එය සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවත්ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලින් අනතුරුව ජාතික ආරක්ෂක හේතුන් මත අවශ්‍ය පූර්වාරක්ෂාව මත මෙම යෝජනාව පදනම් වී තිබේ.

“රජය අදාළ සියලු පාර්ශවයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර අවශ්‍ය උපදේශන පැවැත්වීමට සහ එකඟතාවකට පැමිණීමට ප්‍රමාණවත් කාලයක් ගතවනු ඇත” යනුවෙන් විදේශ අමාත්‍යාංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button