මරණ PCR කිරීම නවතින අවධානමක්
නිවසක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පිළිබද රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව හේතුවෙන් ගැටළු රැසක් මේ වනවිට පැන නැගී තිබෙනවා.
රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් දිවයින පුරා සිටින උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන් වෙත ලිඛිතව දන්වා ඇත්තේ, නිවසක පුද්ගලයෙකු මියගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ මරණය කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවු මරණයක් නොවන බවට තහවුරු කර ගැනීමකින් තොරව ලියාපදිංචි කටයුතු සිදු නොකරන ලෙසයි.
එසේ වුව ද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පවසන්නේ, රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් සිය අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව මෙම ක්‍රමවේදය නිකුත් කර ඇති බවයි. තවද ඔවුන් පවසන්නේ මෙවැනි ක්‍රමවේදයක් කොරෝනා අවදානම නොමැති ප්‍රදේශවලට කිසිසේත් අවශ්‍ය නොවන බවයි.
මේ අතර පී සී ආර් පරීක්ෂණ සිදුකළ යුතු මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද (16) දිනයේ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතයි. ඒ අනුව රෝහල්වලදී, හුදෙකලා ප්‍රදේශවලදී සහ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු හෝ නිරෝධායන වන පුද්ගලයෙකු මරණයට පත්වුවහොත් පමණක් පී සී ආර් පරීක්ෂණ සිදුකළ යුතු බවට පමණක් එම චක්‍රලේඛයට ඇතුළත්.
ඉන් පරිබාහිරව සිදුවන මරණ සදහා පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය එම චක්රලේඛයෙන් දන්වා ඇත්තේ.
කෙසේ නමුත්, මෙතෙක් වාර්තා වූ මරණ 58 න් 21 ක්ම රෝහල්වලින් පිටත සිදු වූ අතර ඒ කිසිවෙක් මරණයට පෙර කෝවිඩ් ආසාධිතයින් බව හදුනාගෙන තිබුණේ නැති අතර බොහෝ දෙනෙක් ආශ්‍රිතයෝ බව ද හදුනාගෙන නොතිබිණි.