දේශීය

ඉතිහාසයේ ප්‍රථම වතාවට අයිස් කුට්ටි වලින් කසිප්පු පෙරලා මාට්ටු

පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී ඇති බැවින් ශීතාගාරවලින් ලබාගත් විශාල අයිස් කුට්ටි උපයෝගී කරගෙන උත්සව සමයට කසිප්පු පෙරූ දෙදෙනකුට මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් හේමමාලා හාල්පන්දෙනිය මහත්මිය විසින් රුපියල් පනස්හයදහසක දඩ නියම කර තිබෙනවා.

බේරුවල ධීවර වරායේ ශීතාගාරවලින් ලබාගත් විශාල අයිස් කුට්ටි උපයෝගී කරගෙන කසිප්පු පෙරූ දෙදෙනා මතුගම කටුගහහේන ප්‍රදේශයේ දී මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ⁣ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ප්‍රදේශයේ අයිස් කුට්ටි උපයෝගී කර කසිප්පු පෙරූ සිද්ධියක් අත්අඩංගුවට ගත් පලමු අවස්ථාව මෙය බව පොලිසිය පවසනවා.

මේ අතර ඔවුන් කසිප්පු පෙරීමේ දී සිසිල්කරනය සඳහා ද අයිස් කුට්ටි උපයෝගී කරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button