දේශීය

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

රිෂාඩ් බදියුදීන්ගේ පුද්ගලික වියදමින් කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගාව සිදු කල යුතු බවට අද (16) අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ, විල්පත්තුව රක්ෂිත කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිතය හෙළි කොට අනවසර ඉදිකිරීම් සිදු කිරීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේ දී.

ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කලේ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම බව පවසමින් කල්ලාරු රක්ෂිතය හෙළිපෙහෙළි කිරීම නීති විරෝධී බවයි.

විල්පත්තුව වනාන්තර ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත කලාපයේ අක්කර 2388 හෙළි කර එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බව පෙන්වා දෙමින් පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button