අද සිට දින 21 ක් නිදහස් චතුරශ්‍රයේ පිරිතක්
ජනපති පදවිප්‍රාප්තිය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් අද (18) සිට දින 21 ක් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පිරිතක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඊට අදාල සංවිධාන කටයුතු සහ පිරිත් මභ්ඩපය සැදීම ආරක්ෂක අමාත්‍යාංශයේ මෙයෙවීම යටතේ ත්‍රවිධ හමුදාව හා පොලීසිය විසින් සිදු කළ බව පල්ලේගම විජිත හිමි පවසයි.
එසේම, ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජයටත් සෞඛ්‍ය අංශයේ, ආරක්ෂක අංශයේ සියළුම දෙනාටමත් ලක්වැසි සැමටත් ලෝක වාසී සියළුම දෙනාටත් ආශිර්වාද කිරීම මෙහි තවත් ප්‍රධාන අරමුණක් බව සදහන්.
ගෝඨාභය රාජපක්ෂගේ ජනපති පදවිප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණය අදට යෙදී ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයේ 75 වන ජන්ම දිනය ද අදට යෙදී තිබේ.
මෙහිදී පිරිත් පැන් බොතල් ලක්ෂයකට අධික ප්‍රමානයක් පරිත් කරමින් දිවයින පුරා බෙදා හැරීමට ද කටයුතු යොදා ඇතැයි සදහන්.
කෙසේ නමුත්, පසුගිය දින කිසිපයේ ම බස්නාහිර පළාත සෙසු පළාත්වලින් හුදෙකළා තිබුණු අතර දැඩි සංචරණ සීමා ද පණවා තිබිණි. මීට අමතරව කෝවිඩ් මර්ධනය සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග හේතුවෙන් විවාහ මංගල්ලයන්, අවමංගල හා වෙනත් උත්සව හා මහජන ඒකාරාශි වීම් දැඩිව සීමා කර තිබීම ද විශේෂත්වයකි.