දේශීය

“රටකට අවශ්‍ය ආඥාදායක පාලකයන් නොවෙයි”

- කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් පියතුමා

රටකට අවශ්‍ය වන්නේ ආඥාදායක පාලකයන් නොව ජනතාවට සේවය කරන ආදරය කරන පාලකයන් යැයි කොළඹ අගරදගුරු මැල්කම්
කාදිනල් රංජිත් පියතුමා පවසයි.

මීගමුව වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නව අල්තාරය ආසිරි ගැන්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ(05) කාදිනල් පියතුමන් එසේ කියා සිටියා.

ලෝක ඉතිහාසයේ සිටි ආඥාදායක පාලකයන් දෙදෙනකු වන ජර්මන් ජාතික ඇ​ඩොල්ෆ් හිට්ලර් සහ රුසියානු ජාතික ස්ටාලින් පිළිබඳව එහිදී කාදිනල් පියතුමන් සඳහන් කළේය.

ජනතාව තෝරා ගත යුත්තේ මෙවැනි පාලකයන් නොව ජනතාව වෙනුවෙන් සේවය කරන පාලකයෝ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button